ආයෙමත් profile එක දිහා බැලුවා.
On Blogger since July 2011
බ්ලොග්
ලියන්න ආවේ අහම්බෙන්.ටික කාලයක් යනකං මගේ අත්දැකීම් ලිවුවා.පොඩ්ඩ
උනත් කියවන අය හිටියා.අළුත් යාළුවො මුණගැහුනා. ඇත්තටම ඒ කාලේ කොයිතරම්
සුන්දරද.ඒත් හැමදාමත් ගෙදරට බරක් වෙලා ඉන්න බැරි නිසා රස්සාවලට (එකක් කියලා
නොකර නිසා "රස්සාවට" කියලා කියන්න බෑ) ගියාට පස්සෙ කම්පියුටරේ පාවිච්චිය
අඩු උනා.
රස්සාවල් කීයක් නම් කලාද, ඒත් මහන්සිය විතරයි.ගෙදර එන්න සිද්ධ වුනේ නොහිතපු විදියට.මුලදී නම් ගෙදරින් මොනවත් කිවුවෙත් නැහැ.ඒත් පස්සෙ පස්සෙ කෙලින්ම නැති උනත් ගෙදරට වෙලා නිකං ඉන්න එක ගැන කියද්දි ජීවිතෙත් එක්ක තිත්ත වෙලා ගියා.අඩුම ගානේ බැනුම් අහන එකවත් නතර වේවිනේ කියලා තීරණය කළා මං කැමති විදියෙ course එකක් වත් කරන්න.
පින්තුර එඩිට් කරන්න ඉස්සර ඉඳලම තිබුනේ ලොකු ආසාවක්.හොඳ Graphic Designing Course එකක් කලොත් Studio එකකටවත් යන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා course එකක් හොයන්න දහ අතේ ඇවිද්දා. මල්ලි Wijaya Graphics එකේ තියෙනවා හොඳ course එකක්, පුලුවන් නම් කොළඹ එකට join වෙන්න බලන්න.දන්න කෙනෙක්ගෙන් එහෙම අවවාදයක් ලැබුණා.
කොළඹ??
එක පාරක් රස්සාවට ගිහින් අන්තිමේ වියදම් කරපු ගානවත් හොයාගන්නෙ නැතුව ආපු හැටි මතක් වෙද්දි "අපෝ කොළඹ නම් ඕනේ නෑ" කියලයි මුලින්ම හිතුනෙ.අනිත් අතට Wijaya Graphics එකේ course එකක් කරන්න ටිකක් වියදම් කරන්න ඕනේ.එකපාරට වියදම් කරන්න එච්චර සල්ලියක් කොහෙන්ද.ඒ ආසාවත් හීනයක් වේගෙන එද්දි තමයි Vocational Training Center එකක Graphics course එකක් ගැන ආරංචි උනේ.
ගිහිල්ලා හොයල බලද්දි ලොකු සතුටක් දැනුණා.මාස 8ක course එකට අය කරන්නෙ රුපියල් 250ක්.
2012 ජනවාරි මාසේ පටන්ගත්ත course එකේ අපිටම කියලා වැඩකරන්න Computer එකක් ලැබුනේ මාස 4ක් විතර ගියාට පස්සේ.ඒකට හේතුව අකුණක් ගහලා Computer Lab එකේ කරන්ට් එක අප්සට් වෙලා තිබුන එක. ඒකත් මගේම කරුමෙට සිද්ධ වෙච්ච දෙයක් වගේ.කොහොමහරි මාස තුනක් යනකං එක Computer එකකින් මූලික දේවල් ටික කියලා දුන්නා විතරයි.දැන් ඔන්න මාස 8 කින් ඉවර වෙන්න ඕනේ course එක ඉලාස්ටික් වගේ ඇදෙනවා.සර් ගෙන් ඇහුවම කිවුවා "හදිසි නැහැනේ, තව කාලය තියෙනවනේ" කියලා.ඒත් මේක ඉවරවෙලා රස්සාවකට යන්න කියල හිතං ඉන්න මට තියෙන හදිස්සිය දන්නේ මං විතරයිනේ.
ඔන්න ඔහේ කමක් නැහැ කියලා හිටියා.කොහොමින් කොහොමහරි 2012 දෙසැම්බර් මාසෙත් ඉවරවෙලා 2013 අවුරුද්දත් ලැබුවා.ඔන්න course එක ඉවරයි.
කාලය ටිකක් වැඩි උනාට අවංකයෙන්ම කියනවනම් course එක හොඳයි. නොදන්න දේවල් සෑහෙන්න ඉගෙනගන්න ලැබුණා.ඉස්සර Graphic Designing කියල අපි හිතන් හිටියෙ Photoshop වල වැඩ ගැන විතරයි.ඒත් අපිට Adobe PageMaker, Corel Draw වගේ Softwares ඉගෙනගන්න පුළුවන් උනා.අඩුපාඩුවකට තිබුණෙ පහසුකම් ටිකක් මදිකම.ලොකු ගානක් දීලා course එකක් කලා නම් තමන්ටම කියලා Computer එකක වැඩ කරන්න ලැබෙනවා.A/C එහෙම තියෙනවා.ඒත් රජයේ තැනක් නිසා ඒ පහසුකම් මේ වගේ Course එකකින් බලාපොරොත්තු වෙන්න අමාරුයි.මං වැඩ කලෙත් Computer එක තව කෙනෙක් එක්ක බෙදාගෙන.මොකද මුළු Lab එකටම තිබුණේ Computers 15ක් විතර.එකෙනුත් පාවිච්චි කරනන් පුළුවන් තත්වයේ තිබුණේ 8ක් වගේ තමයි.ඒ වගේම ගුරුවරු වැඩ කරන්නෙත් බොහොම අඩු පඩියකට.ඉතින් එහෙම බැලුවම නම් පහසුකම් අතින් අසම්පුර්ණ වුනාට වැඩ අතින් නම් එහෙම අසම්පුර්ණ කමක් දැණුනේ නැහැ.
කොහොමින් කොහොම හරි 2012 ජනවාරි මාසෙ ඉඳන් 2013 ජනවාරි මාසෙට මාස 8යි කියලා හිත හදාගෙන Final exam එකට වාඩි උනා.
Exam එකේ කොටස් දෙකක් තිබුණා Practical සහ Theory කියලා.ඔය තියෙන්නෙ Practical එකේදී හදන්න දුන්නු ෆොටෝ එක.
ඒක නම් එච්චර අමාරු උනේ නැහැ.පේපර් එකටත් ලිවුවා.තාම results ආවේ නැහැ.හොඳ result එකක් ඒවි කියලා බලාපොරොත්තු වෙනවා. result එන දවසත් ඉලාස්ටික් වගේ වෙයිද මන්දා.......
